technologyAug 5, 2025, 12:00 AM

Virtual City in Kandy නිර්මාණය කිරීමට අනුමැතිය

Virtual City in Kandy නිර්මාණය කිරීමට අනුමැතිය

මහනුවර නගරය ඩිජිටල් ලෝකයට නැගීම සඳහා "Virtual City in Kandy" නම් අතත්‍ය නගර නිර්මාණ ව්‍යාපෘතියක් යුනෙස්කෝ ලෝක උරුමය වන ශ්‍රී දළදා මාළිගාව ඇතුළුව ආරම්භ කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය කොටස් දෙකකට බෙදා ඇති අතර, පළමු කොටස ලෙස මහනුවර නගරයේ ප්‍රමුඛ සංචාරක ආකර්ෂණීය ස්ථාන 58ක් ඩිජිටල් ලෝකයට නැගීමට සැලසුම් කර ඇත. දෙවන කොටස ලෙස ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය හා එයට ආසන්නව පිහිටි ඓතිහාසික හා සංචාරක වටිනාකමක් ඇති ස්ථාන 20ක් තාක්ෂණිකව නිර්මාණය කිරීමට අරමුණු කර ගෙන ඇත. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිර්දේශ කර ඇති අතර, එහි ශක්‍යතා, තාක්ෂණික දැනුම සහ පෙර කටයුතු ඇගයීමට ලක් කර ඇත. "Clean Sri Lanka" ව්‍යාපෘතිය යටතේ වෙන් කරන ලද අරමුදල් භාවිතා කරමින් මෙම ඩිජිටල් නගර නිර්මාණය සිදු කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයාගේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත. මෙම ව්‍යාපෘතිය මහනුවර නගරයේ සංචාරක විභවය වැඩි දියුණු කිරීම, ඓතිහාසික ස්ථාන ඩිජිටල් ලෝකයට හඳුන්වා දීම සහ ආර්ථික වර්ධනයට දායක වීම අරමුණු කරයි. එමගින් ජාත්‍යන්තර සංචාරකයින්ට මහනුවර නගරයේ සංස්කෘතික හා ඓතිහාසික වටිනාකම් අතථ්‍ය ලෝකය හරහා අත්විඳිය හැකි වනු ඇත.

News Sources

Hiru News