TechnologyJun 17, 2025, 01:25 PM

ලන්ඩන් යන්න ගිය එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

ලන්ඩන් යන්න ගිය එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හමුවීම හේතුවෙන් ගුවන් ගමන අවලංගු කර ඇති බව ඉන්දීය හා විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම යානය AI 159 ලෙස හඳුන්වන බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයක් වන අතර, එය ඉන්දියාවේ අහමදාබාද් නගරයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවරට පියාසර කිරීමට නියමිතව තිබුණි. යානය පස්වරු 1:10ට පිටත්වීමට නියමිතව තිබුණද, ගුවන් ගත කිරීමට පැය කිහිපයකට පෙර තාක්ෂණික දෝෂයක් හඳුනාගෙන ගුවන් ගමන අවලංගු කරන ලදී. මෙම යානය පසුගිය දිනක අනතුරට ලක්වූ AI 171 යානය වෙනුවට ක්‍රියාත්මක කරන ලද්දකි. මෙම අවස්ථාවේදී මගීන් 200කට වැඩි පිරිසක් ගුවන් ගමන අවලංගු වීම හේතුවෙන් පීඩාවට පත්ව ඇත. පසුගිය දිනක සිදුවූ ගුවන් අනතුරෙන් පසුව අහමදාබාද්-ලන්ඩන් මාර්ගයේ එයාර් ඉන්දියා ගුවන් සේවයේ ගුවන් ගමනක් අවලංගු වූයේ මෙය දෙවන අවස්ථාවයි. මෙම සිදුවීම් ගුවන් සමාගමේ තාක්ෂණික සහ ගුවන් ගමන් සුරක්ෂිතතා පිළිබඳව ප්‍රශ්න ඇති කර ඇති අතර, මගීන්ගේ ගමන් සැලසුම් වලට බරපතල බලපෑමක් ඇති කර ඇත.

News Sources

News First