‘AI For Transforming Public Service’ යන මැයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු වැඩමුළුවක් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් සහභාගී වී පැවැත්විණි. මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන යටතේ නිලධාරීන් දැනුවත් කිරීම, කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීම සහ රාජ්‍ය සේවය තුළ AI පිළිබඳ ධනාත්මක ආකල්පයක් ගොඩනැගීමයි. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා විසින් ආරම්භක දේශනය ඉදිරිපත් කරන ලදී. එමෙන්ම, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) විධායක අධ්‍යක්ෂ සංජය කරුණාසේන මහතා ද කෙටි දේශනයක් සිදු කළේය. ICTA හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරුන් විසින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත දැනුවත් කිරීම් සිදු කරන ලදී. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය. මෙම වැඩමුළුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ඵලදායී, කාර්යක්ෂම සහ නවීන තාක්‍ෂණයෙන් සමන්විත සේවයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් AI තාක්‍ෂණය යෙදවීම පිළිබඳව ගැඹුරු සාකච්ඡා සහ පුහුණුවක් ලෙස සැලකිය හැකිය.