අමෙරිකානු ව්‍යාපාරික ඊලෝන් මස්ක්ගේ සැටලයිට් අන්තර්ජාල සේවාව වන Starlink ඉදිරි මාස දෙක ඇතුළත ඉන්දියාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සතියේ ඉන්දීය විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව මෙම සේවාව ඉන්දියාව තුළ ආරම්භ කිරීමට හැකියාව ලැබී ඇත. Starlink යනු ඉන්දියාව තුළ සැටලයිට් අන්තර්ජාල සේවා සැපයීම සඳහා බලපත්‍ර ලබා ගත් තුන්වන සමාගමයි. මීට පෙර Eutelsat සමාගමේ OneWeb සහ Reliance Jio සමාගම් දෙකටම එම දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී තිබුණි. Starlink සේවාව ඉන්දියාව තුළ ආරම්භ කිරීම සඳහා විශේෂ උපාය මාර්ගයක් අනුගමනය කරමින් සිටින අතර, එහි කොටසක් ලෙස මාසක අත්හදා බැලීමේ කාලයක් (ට්‍රයල් පීරියඩ්) පාරිභෝගිකයින්ට පිරිනැමීමට සැලසුම් කර තිබේ. මෙම අත්හදා බැලීමේ කාලය තුළ පාරිභෝගිකයින්ට සේවාවේ කාර්ය සාධනය හා වේගය පරීක්ෂා කර බැලීමට අවස්ථාව ලැබෙනු ඇත. එමගින් නිතිපතා මාසික ගෙවීම් ආරම්භ කිරීමට පෙර සේවාවේ ගුණාත්මක භාවය ගැන විශ්වාසය ගොඩනගා ගත හැකිය. මෙම ව්‍යාපෘතිය ඉන්දියාවේ ග්‍රාමීය හා දුරස්ථ ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කිරීමට සහ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. Starlink වැනි චන්ද්‍රිකා-ආධාරිත අන්තර්ජාල සේවාවන් තුළින් ඉන්දියාවේ ඩිජිටල් අංශය තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇත. මෙම සේවාව ආරම්භයත් සමඟ ඉන්දියාවේ අන්තර්ජාල තරඟකාරිත්වය තවදුරටත් වැඩි වීමට ඉඩ ඇති අතර, පවතින අන්තර්ජාල සේවා සපයන්නන් සඳහා අභියෝග ඇති කරනු ඇත.