ශ්‍රී ලංකාවේ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය එක්සත් ජාතීන්ගේ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පවත්වන ලද 2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මාන උළෙලේ (WIPO Global Awards 2025) "පාරිසරික අංශය" සඳහා වන සම්මානය දිනා ගත්තාය. ඇය ලෝකයට හඳුන්වා දුන් "ස්මාර්ට් ඩ්‍රේන් බයි අර්බන් ඉන්වෙන්ටර්" (SMART DRAIN BY URBAN INVENTOR) නම් නවෝත්පාදනය හේතුවෙන් මෙම ජයග්‍රහණය ලැබුණි. මෙම සම්මාන උළෙල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වුණු අතර, රටවල් 95කින් ආයතන 780ක් තරඟකාරීව ඉදිරිපත් වී සිටියේය. ශ්‍රී ලාංකිකයෙකු මෙම සම්මානය දිනා ගන්නා පළමු අවස්ථාව මෙය වන අතර, එය ජාතියක් වශයෙන් ගෞරවාන්විත ජයග්‍රහණයකි. ආචාර්ය චන්ද්‍රසේනගේ ස්මාර්ට් ඩ්‍රේන් පද්ධතිය නගරාශ්‍රිත ජලය බැහැර කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරමින් පාරිසරික ගැටළු අවම කිරීමට උපකාරී වේ. මෙම නවෝත්පාදනය සඳහා ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය (National Intellectual Property Office of Sri Lanka) සහ පර්යේෂණ පහසුකම් සපයන ඇක්සස් ඉංජිනියරින් පුද්ගලික සමාගම (Access Engineering PLC) දායකත්වය ලබා දී ඇත. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ නවෝත්පාදන හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ශක්තිමත් භූමිකාව ලෝක මට්ටමින් පිළිගැනීමක් ලබා දෙයි. එමෙන්ම, ගෝලීය පරිසර අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ගේ දායකත්වය වැදගත් බව තහවුරු කරයි.