SportsJun 12, 2025, 07:58 PM

ආසියානු කලාපයෙන් රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‍ නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය සිරස TV සහ Yes FM හිමිකර ගනී..

ආසියානු කලාපයෙන් රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‍ නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය සිරස TV සහ Yes FM හිමිකර ගනී..

ශශ්‍රී ලංකා රග්බි සංගමය, සිරස් ටීවී සහ යස් එෆ්එම් යන මාධ්‍ය ආයතන අතර වැදගත් එකඟතා ගිවිසුමක් අද (12) බ්‍රේබෘක් ප්‍රදේශයේ පිහිටි සිරස් මූලස්ථානයේදී අත්සන් කරන ලදී. මෙම ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සහ විකාශන අයිතීන් සම්බන්ධයෙන් ත්‍රිපාර්ශ්වික සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමට අරමුණු කර ඇත. එම අවස්ථාවට ශ්‍රී ලංකා රග්බි අතුරු කමිටු සභාපති හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සහ කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා එක්ව සිටියහ. එම අවස්ථාවට සිරස් මාධ්‍ය ජාලයේ එම්ටීවී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යසරත් කමල්සිරි, එම්බීසී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී බුද්ධි වික්‍රමනායක සහ ප්‍රවර්ධන අධ්‍යක්ෂ චාමික රොෂාන් ඇතුළු බහුතරයක් මාධ්‍ය නියෝජිතයින් සහභාගී විය. මීට අමතරව, ආසියානු කලාපයේ රග්බි ලෝක කුසලාන සුදුසුකම් තරගාවලියේ තරගයක් හෙට (13) කොළඹ රග්බි තරග පිටියේදී පැවැත්වෙන බවත්, එහිදී ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම දකුණු කොරියාවේ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන බවත් වාර්තා වේ. තරගය පස්වරු 4.00ට ආරම්භ වන අතර, එය නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රීඩා රසිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ ජනප්‍රියතාවය ඉහළ නැංවීමටත්, ජාතික කණ්ඩායමේ ක්‍රීඩා දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටත් වැදගත් අවස්ථාවක් වනු ඇතැයි බලාපොරොත්තු වේ.

News Sources

News First