බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් (29 හැවිරිදි) ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමට තීරණය කර ඇත. ඔහු එක්දින තරග 61කදී ලකුණු 1,983ක් රැස් කර ඇති අතර, එහිදී ශතක තුනක් (උපරිම 118) ලබා ඇත. ටී20 තරග 106කදී ලකුණු 2,275ක් (උපරිම 98) රැස් කළ පූරන් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා ජීවිතය අවසන් කරයි.