
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙකු හා තීරණාත්මක නායකයෙකු වූ ෂෝන් විලියම්ස් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවට තහවුරු වීම හේතුවෙන් ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය (Zimbabwe Cricket) තීරණය කර ඇත. 39 හැවිරිදි වයසැති මෙම ක්‍රීඩකයා වසර 20කට වැඩි කාලයක් සිය දේශය වෙනුවෙන් ක්‍රීඩා කර ඇත. ඔහුගේ දිගු කාර්යය ජීවිතය තුළ ටෙස්ට් තරග 47කදී ලකුණු 1,946ක් හා කඩුලු 26ක්, එක්දින ජාත්‍යන්තර තරග 159කදී ලකුණු 5,217ක් හා කඩුලු 86ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 84කදී ලකුණු 1,805ක් හා කඩුලු 49ක් ලබා ගෙස ඇත. මෙම තීරණයට පෙර, ඉදිරි විස්සයි20 ලෝක කුසලානයේ අප්‍රිකානු සුදුකම් ලැබීමේ තරගාවලියට සම්බන්ධ සිම්බාබ්වේ කණ්ඩායමෙන් විලියම්ස් "පෞද්ගලික හේතු" නිසා ඉවත් විය. කෙසේවෙතත්, මෙම ඉවත්වීම ගැන ZC ආයතනයට ඇති වූ සැකය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් දියත් කරන ලදී. එම පරීක්ෂණයෙන් හෙළි වූයේ ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය ගැනූ බවත්, එමඟින් ක්‍රීඩකයින්ගේ වෘත්තීය චර්යාව, විනය සහ ආයතනික නීති රීති උල්ලංඝනය කර ඇති බවත්ය. මෙම සොයාගැනීම හේතුවෙන් ඔහුව අනාගත ජාතික කණ්ඩායම් තේරීම් වලින් බැහැර කිරීමට ආයතනය තීරණය කර ඇත. එමෙන්ම, ඔහුගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව 2025 වසරෙන් පසු අලුත් නොකිරීමටද තීරණය කර ඇත. කෙසේ නමුත්, මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් මිදීම සඳහා ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපන ක්‍රියාවලියකට එක් වීමට ගත් ඔහුගේ තීරණය සම්බන්ධයෙන් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය ඔහුට ප්‍රශංසා කර ඇත. මෙයින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වෘත්තීය ජීවිතයට මත්ද්‍රව්‍ය භාවිතයේ විනාශකාරී බලපෑම හා ක්‍රීඩා ආයතනවල විනය පිළිබඳ දැඩි අවධානය පැහැදිලි වේ.
