
ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් කණ්ඩායම ඊයේ (21) පාකිස්ථාන ෂහීන්ස් කණ්ඩායම හමුවේ ලකුණු 05ක තියුණු පරාජයක් ලබා ආසියානු කුසලාන නැගීඑන තරු තරගාවලියේ පන්දුවාර 20 අර්ධ අවසන් වටයෙන් පිට වී ඇත. මෙම පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි වී ඇත. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, පාකිස්ථාන කණ්ඩායමට පන්දුවට පහරදීමට ඉඩ දුන්නේය. පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 153ක් රැස් කිරීමට සමත් විය. ඔවුන්ගේ පිතිකරණයේදී ගාසි ගෝරි ලකුණු 39ක්ද, මාස් සදකාත් ලකුණු 23ක්ද, සාද් මසූඩ් සහ අහමඩ් ඩැනියල් ලකුණු 22 බැගින්ද රැස් කළහ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මධුශාන් කඩුළු 04ක් දවා ගනිමින් කඩුලු 04ක් ලබා ගත් අතර, ට්‍රැවීන් මැතිව් කඩුළු 03ක් ද, මිලාන් රත්නායක සහ නායක දුනිත් වෙල්ලාල එක් එක් කඩුල්ලක් දවා ගත්හ. ලකුණු 154ක දුෂ්කර ඉලක්කයක් හඹායාමේදී ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායමේ පිතිකරණ අර්බුදය දැකගත හැකි විය. නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු සියල්ල දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 148ක් පමණි. මිලාන් රත්නායක ලකුණු 40ක්ද, විෂේන් හැලඹගේ ලකුණු 29ක්ද, ලසිත් කෲස්පුල්ලේ ලකුණු 27ක්ද රැස් කළ නමුත් අනෙකුත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය. පාකිස්ථානය වෙනුවෙන් පන්දු යැවීමේදී සාද් මසූඩ් සහ සුෆියන් මුකීම් ලකුණු 03 බැගින් දවා ගත් අතර, උබයිඩ් ෂා, ෂාහිඩ් අසීස් සහ අහමඩ් ඩැනියල් එක් එක් කඩුල්ලක් බැගින් ලබා ගත්හ. මෙම පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම තරගාවලියෙන් පිට වී ඇති අතර, පිතිකරණ දුර්වලතා සහ මුලික කඩුලු ඉක්මනින් අහිමි වීම වැනි ප්‍රධාන ගැටලු පිරිහී ඇති බව පෙනේ. කණ්ඩායම් අංගසම්පුර්ණත්වය සහ තීරණාත්මක අවස්ථාවන්හිදී ක්‍රීඩා කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය මෙම තරගය මගින් ඉස්මතු වී ඇත.
