PoliticsJun 10, 2025, 07:28 AM

පහරදිමකින් බේරුවල පොලීසියේ අපරාධ අංශයේ OIC ඇතුළු නිලධාරීන් තිදෙනෙක් රෝහලට

පහරදිමකින් බේරුවල පොලීසියේ අපරාධ අංශයේ OIC ඇතුළු නිලධාරීන් තිදෙනෙක් රෝහලට

බේරුවල ධීවර වරාය ආසන්නයේ ඊයේ රාත්‍රියේ පොලිස් නිලධාරීන්ට පහරදීමක් සිදුවී ඇත. බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම පහරදීම සිදුවී ඇත්තේ ධීවර වරාය ආසන්නයේ කොඩි එල්ලමින් සිටි පිරිසක් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමකින් පසුවය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මාර්ගය අවහිර නොකර කටයුතු කරන ලෙස එම පිරිසට අවවාද කළ නමුත්, දෙපාර්ශ්වය අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවී ඇත. පසුව පිරිස පොලිස් නිලධාරීන්ට පහරදී ඇති අතර, පොලිසිය පිරිස පාලනයට අහසට වෙඩි තබා ඇත.

News Sources

News First