PoliticsJun 10, 2025, 09:34 AM

නීතිවිරෝධී සංක්‍රමණික විරෝධතා මැඩපැවැත්වීමට ට්‍රම්ප් තවත් ආරක්ෂක භටයින් රැසක් යොමු කරයි

නීතිවිරෝධී සංක්‍රමණික විරෝධතා මැඩපැවැත්වීමට ට්‍රම්ප් තවත් ආරක්ෂක භටයින් රැසක් යොමු කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නීතිවිරෝධී සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව ජාතික ආරක්ෂක භටයින් 2,000ක් සහ මැරීන් භටයින් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යැවීය. ව්‍යාජ අවසරපත් භාවිතා කරමින් රැඳී සිටින සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමට ඔහු පසුගියදා නියෝග කළ අතර, මෙම තීරණයට එරෙහිව ලොස් ඇන්ජලීස් ඇතුළු ප්‍රදේශවල දැඩි විරෝධතා ඇතිවී තිබේ. ජනාධිපතිවරයාගේ හමුදා යැවීමේ පියවර සමග නගරය පුරා සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමය දිගහැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

News Sources

News First