ශශ්‍රී ලංකා රජය දේශීය පාරිභෝගිකයන් සඳහා කැසිනෝ ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමේ යෙදෙන බවට ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශය කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ඔහු විසින් කරන ලද අතර, එහිදී රජයේ කැසිනෝ පිළිබඳ නිල ස්ථාවරය පැහැදිලි කරන ලදී. නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, මෑතක්තෙහි කොළඹ විවෘත වූ "City of Dreams" වැනි උසස් විනෝදාස්වාද සංකීර්ණ ප්‍රධාන වශයෙන් විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගොඩනංවා ඇති බවයි. මෙම ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ අරමුණින් සැලසුම් කර ඇති අතර, විශේෂයෙන් විදේශීය ආයෝජනයක් ලෙස එම ස්ථානවල මූලික අරමුණ විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම බවත් ඔහු පෙන්වා දුන්නේය. රජයේ මෙම ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ තරඟකාරීතාවය ඉහළ නංවා ආර්ථික වර්ධනයට දායක වන ආකාරයත්, එමඟින් රටේ විදේශ විනිමය ඉපැයීම් වර්ධනය කිරීමේ අරමුණ ඉටු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.