ශශ්‍රී ලංකාවේ දැනට පවතින ජාතික මදුරු මර්දන සතිය (ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 05 දක්වා) යටතේ සිදුකරන ලද විශේෂ පරීක්ෂණ වලදී අද (නොවැම්බර් 01) දිනයේදී පරිශ්‍ර 22,294ක් පරීක්ෂා කර ඇත. මෙම පරීක්ෂෂණ මාලාවේදී මදුරුවන් ප්‍රචාරය වීමට ඉඩ ඇති පරිශ්‍ර 4,965ක් හඳුනා ගෙන ඇති අතර, මදුරු කීට පැටවුන් සහිත පරිශ්‍ර 657ක් අනාවරණය වී ඇත. මේ අතර, මදුරු කීට පැටවුන් හමුවූ පරිශ්‍රවලට රතු නිවේදන 553ක් නිකුත් කර ඇති අතර, නීති විරෝධී ක්‍රියා සිදුකළ 153 දෙනෙකුට නඩු පැවරීමට පියවර ගෙන ඇත. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය මෙම තොරතුරු අනාවරණය කර සිටියාය. ඊයේ (ඔක්තෝබර් 30) සහ අද (නොවැම්බර් 01) දිනවලදී සිදුකළ පරීක්ෂණවලදී සම්පූර්ණ පරිශ්‍ර 48,354ක් පරීක්ෂා කර ඇති අතර, ඒවායින් මදුරු කීට පැටවුන් ප්‍රචාරය විය හැකි ස්ථාන 10,591ක් (සෑම පරිශ්‍ර 10කට 1ක අනුපාතයෙන්) හඳුනාගෙන ඇත. තවද, මදුරු කීට පැටවුන් හමුවූ පරිශ්‍ර 1,611ක් අනාවරණය වී ඇති අතර, ඒ සඳහා රතු නිවේදන 1,193ක් නිකුත් කර නඩු පැවරුම් 256ක් සිදුකර ඇත. මෙම ව්‍යාපාරය ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන අතර, ඩෙංගු සහ අනෙකුත් මදුරුවා ඔස්සේ පැතිරෙන රෝග පාලනය කිරීම එහි ප්‍රධාන අරමුණයි.