HealthJun 10, 2025, 10:59 AM

ඉන්දියාවෙන් මේ දක්වා වාර්තා වූ නව කොවිඩ් රෝගීන් ගණන 6,000 ඉක්මවයි

ඉන්දියාවෙන් මේ දක්වා වාර්තා වූ නව කොවිඩ් රෝගීන් ගණන 6,000 ඉක්මවයි

ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ දැනට කොවිඩ් රෝගීන් 6,491ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. පසුගිය පැය 24 තුළ නව රෝගීන් 7 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, කොවිඩ් රෝගයේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ කේරළ ප්‍රාන්තයයි. මෙම වසංගතය තුළින් කේරළය ප්‍රමුඛත්වය ගත් අතර, මහාරාෂ්ට්‍ර, කර්ණාටක, ගුජරාට්, දිල්ලි, බටහිර බෙංගාලය, උත්තර් ප්‍රදේශ්, තමිල්නාඩු සහ හර්යානා වැනි ප්‍රාන්තවල ද ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමක් ඇති වී ඇත. 2024 ජනවාරි 1 වැනිදා සිට මේ වන විට කොවිඩ් රෝගය හේතුවෙන් මරණ 65ක් වාර්තා වී ඇති අතර, මෙම මරණ උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය, තමිල්නාඩු, පන්ජාබ්, මහාරාෂට්‍ර, මධ්‍ය ප්‍රදේශ්, කේරළ, කර්ණාටක, ගුජරාට් සහ දිල්ලි යන ප්‍රාන්තවලින් වාර්තා වී ඇත. වර්තමානයේ ඉන්දියාව තුළ කොවිඩ් වෛරසය නැවත වරක් වේගයෙන් පැතිරීමක් දක්නට ලැබෙන අතර, විශේෂයෙන් කේරළ ප්‍රාන්තය මෙම වසංගතයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇත. රජය සහ සෞඛ්‍ය අධිකාරීන් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

News Sources

News First