healthAug 5, 2025, 03:02 PM

චීනයේ චිකුන්ගුන්යා ආසාදිතයින් 7,000 ඉක්මවයි

චීනයේ චිකුන්ගුන්යා ආසාදිතයින් 7,000 ඉක්මවයි

පසුගිය ජූලි මාසයේ සිට චීනයේ චිකුන්ගුන්යා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ වන විට රට තුළ චිකුන්ගුන්යා රෝගීන් 7,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර, පසුගිය සතිය තුළ පමණක් රෝගීන් 3,000ක් ලියාපදිංචි වී ඇත. චීනයේ පළාත් කිහිපයක මෙම රෝගය පැතිරී ඇති නමුත්, රෝගීන්ගෙන් 95%කගේ තත්ත්වය බරපතළ නොවන අතර ඔවුන් කෙටි කාලයකින් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව චීන රජයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත. රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා චීන බලධාරීන් මදුරුවන් බෝ කරන ස්ථාන විනාශ කිරීමට පුරවැසියන්ට නියෝග කර ඇත. මෙම නියෝග යටතේ නිවෙස් ආශ්‍රිතව මදුරුවන් බෝවන ස්ථාන හමුවුවහොත් එම නිවාස හිමියන්ට යුවාඩ් 10,000ක (චීන මුදල් ඒකකයක්) දඩයක් අය කරනු ලැබේ. මීට අමතරව, එක්සත් ජනපදය චීනයේ සංචාරය කරන චීන පුරවැසියන්ට වැඩි ප්‍රවේශම් ගත වන ලෙස උපදෙස් ලබා දී ඇත. මෙම තත්ත්වය ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති අතර, රෝගය පාලනය කිරීම සඳහා චීන රජය විවිධ පියවර ගෙන ඇති බව වාර්තා වේ.

News Sources

News First