පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ දශක ගණනාවක් තිස්සේ යාවත්කාලීන කිරීම් හෝ අලුත්වැඩියා කටයුතු නොකරන බැවින් දැඩි අබලන් තත්ත්වයකට පත්ව ඇත. මෙම නැවතුම්පළේ ප්‍රවේශ මාර්ග, බස් අංගන, මගී නැවතුම්, රියදුරු හා කොන්දොස්තර විවේකාගාර, පරිපාලන ගොඩනැගිලි, සනීපාරක්ෂක පහසුකම් සහ ජල අපවහන පද්ධති ඇතුළු සියලුම ප්‍රධාන අංග දුර්වල තත්ත්වයක පවතී. මෙය නිසා මගීන්, රියදුරු, කොන්දොස්තරවරුන් සහ මෙහෙයුම් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවන්ට මුහුණ දෙයි. මෙම තත්ත්වය විසඳීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව අනුව, පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමට හා සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 425ක අයවැයක් වෙන් කර ඇති අතර, 'Clean Sri Lanka' වැඩසටහනේ අරමුදල් ද භාවිතා කරනු ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන සහය ලබා දෙනු ඇත. මෙම අලුත්වැඩියාව හරහා නැවතුම්පොළ නවීකරණය වීමත් සමඟ මගීන් හා සේවකයින්ගේ පහසුව ඉහළ නංවාලීමට බලාපොරොත්තු වේ.