generalNov 22, 2025, 07:37 AM

එක්සත් රාජධානියට අධික සීතලක්

එක්සත් රාජධානියට අධික සීතලක්

එක්සත් රාජධානිය තුළ මෑත කාලයේ දක්නට ලැබුණු සරත් ඍතුවේ ශීතලම රාත්‍රිය ඊයේ (21) ලෙස වාර්තා වී ඇත. මෙම වාර්තාව සිදු වී ඇත්තේ ස්කොට්ලන්තයේ උෂ්ණත්වය එක් රැයකින් සෙල්සියස් අංශක -12.6ක් දක්වා අතිශයින්ම පහත වැටීම හේතුවෙනි. මෙය නොවැම්බර් මාසය තුළ, එනම් සරත් ඍතුවේදී, වාර්තා වූ අඩුම උෂ්ණත්වය වන අතර මෙවැනි අගයක් වාර්තා වීමට වසර 15කට වැඩි කාලයක් ගත වී ඇත. මෙම අධික ශීතල තත්ත්වය ස්කොට්ලන්තයට පමණක් සීමා නොවී එක්සත් රාජධානියේ අනෙකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත වී ඇත. වේල්සයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක -7.2ක් දක්වාද, උතුරු අයර්ලන්තයේදී අංශක -6ක් දක්වාද, එංගලන්තයේදී අංශක -6.7ක් දක්වාද පහත වැටී ඇත. මෙම රාත්‍රියන් එක්සත් රාජධානිය තුළ මෙවර ජනවාරි මාසයේ 11 වැනිදාට පසුව වාර්තා වූ අතිශයින්ම සීතලම රාත්‍රියන් බවට පත් වී ඇත. මෙම තීව්‍ර ශීතල කාලගුණික තත්ත්වය හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විසින් විශේෂ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඔවුන් වැඩිහිටි ප්‍රජාවට සහ හෘද රෝගීන්, ශ්වසන රෝගීන් වැනි සෞඛ්‍ය අවදානම් රැසකට මුහුණ දෙන පුද්ගලයන්ට මෙම අධික ශීතලය 'සැලකිය යුතු බලපෑම්' එල්ල කළ හැකි බවට අවධානය යොමු කර ඇත. එමෙන්ම, මෙම අසාමාන්‍ය තාපමාන පහත වැටීම සමඟ ඇතැම් ප්‍රදේශවල අඟල් කිහිපයක් උසට හිම පතනයක්ද සිදු වී ඇති බව වාර්තා වේ. සරත් ඍතුව යනු ගිම්හානයෙන් පසුව ශීත ඍතුවට පෙර පැමිණෙන සංක්‍රාන්ති කාලයකි. උතුරු අර්ධගෝලයේ පිහිටා ඇති එක්සත් රාජධානිය සඳහා මෙම සරත් ඍතුව නොවැම්බර් මාසයේදී ආරම්භ වන අතර, වර්තමානයේ එරට අත්විඳින්නේ එම සරත් ඍතුවේදී වාර්තා වූ ඉතිහාසයේ දක්නට ලැබුණු අතිශය අඩුම උෂ්ණත්ව තත්ත්වයන් ය.

News Sources

News First