GeneralJun 10, 2025, 09:43 AM

ගම්පහ තැන් රැසකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

ගම්පහ තැන් රැසකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශයේ පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (11) උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක ජලකප්පාදුවක් අත්විඳින්නට සිදුවනු ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් මෙම තොරතුරු දැනුම් දී ඇත. බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය සමඟ සම්බන්ධ කිරීමේ වැඩිදියුණු කිරීම් සිදුකිරීම හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවා ඇත.

News Sources

News First