GeneralJun 10, 2025, 08:54 AM

කාන්තාවකගේ දිවි බේරූ පොලීසිය

කාන්තාවකගේ දිවි බේරූ පොලීසිය

මල්වතු ඔය පරණ පාලම අසල නාන තොටුපලේ දිය නාමින් සිටි වයස අවුරුදු 54ක් වන හංවැල්ල ප්‍රදේශයේ කාන්තාවක් සැඩ පහරකින් ගසාගෙන යමින් සිටියදී, ඊයේ (09) සවස් කාලයේදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගන්නා ලදී. පොලිස් සැරයන් රංජිත් (66640), කොස්තාපල් නිෂාන්ත (76785) සහ ලියනගේ (93809) යන අය වහාම ක්‍රියාත්මක වී මහත් පරිශ්‍රමයකින් ඇය බේරා ගෙන මූලික ප්‍රතිකාර ලබා දී ඇත. බේරාගැනීමෙන් පසු ඇයගේ ඥාතීන්ට දන්වා ඇති බව පොලීසිය පැවසීය.

News Sources

News First