හේනානිගල ප්‍රදේශයේ ආදිවාසීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු පොළොන්නරුව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි දිගින් අඩි හයක් පමණ වන දුර්ලභ ගණයේ කොටියෙකු මරා, සම ගලවා රැගෙන යමින් සිටියදී අත්අඩඩංගුවට ගැනීමට යන අවස්ථාවේ ඇලකට පැන පලාගොස් ඇති බව හේනානිගල අඩවි ආරක්ෂක කාර්යාලය වාර්තා කරයි. මාදුරුඔය කහපාලම ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ නමුත් ඔවුන් පලා ගොස් ඇත. සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු යුද හමුදාවේ සේවය කර ඉවත් වූ අයකු බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේ වයස අවුරුදු 30-40 පමණ වන බවත්, හේනානිගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් වාර්තා වේ. ඔවුන් අත්අඩංගුවට ගත් වහාම දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ආරක්ෂක අංශ පවසයි. මෙම කොටියා මරා ඇත්තේ වෙඩි තැබීමකින්ද නැතහොත් වෙනත් ආයුධයකින්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරමින් පවතින අතර, පලාගිය සැකකරුවන් අත්තඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත. ඔවුන් දැනට ගම්මානයෙන් පලාගොස් ඇති අතර, ඔවුන්ගේ ස්ථානය හඳුනා ගැනීමට උත්සාහ දරමින් සිටී. මෙම සිදුවීම වන සතුන්ගේ ආරක්ෂාව සහ ජාතික වනෝද්‍යානවල නීති උල්ලංඝනය කිරීම පිළිබඳව උනන්දුවක් ඇති කර ඇත.