බ්‍රසීලියානු තරුණියක් තම ශරීරයේ ස්මාර්ට් ජංගම දුරකථන 26ක් සඟවාගෙන ගමන් ගන්නා අතරතුර බස් රථයකදී හදිසියේ මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. වයස අවුරුදු 20ක් වූ මෙම තරුණිය බස් රථය තුළදී හුස්ම ගැනීමේ අපහසුතාවයකට ලක්ව බිම වැටී ඇත. එවිට එහි සිටි ජනතාව හදිසි ගිලන් රථ සේවයට ඇමතූ අතර, පැමිණි වෛද්‍ය පිරිස ඇය මියගොස් ඇති බව තහවුරු කර ඇත. වෛද්‍යවරුන් පසුව ඇගේ ශරීරය පරීක්ෂා කරන විට ඇයගේ ශරීරයේ සඟවා තිබූ ස්මාර්ට් දුරකථන 26ක් සොයාගෙන ඇත. මෙම දුරකථන ශරීරය තුළ සඟවා තබා ගැනීම නිසා ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් හෘදයාබාධයක් ඇති වී මරණය සිදුවන්නට ඇතැයි වෛද්‍යවරුන් සැක කරයි. තරුණියගේ ගමන් මල්ල පරීක්ෂා කරන විට බ්‍රසීලියානු බලධාරීන් මත්පැන් බෝතල් කිහිපයක් සහ තවත් ජංගම දුරකථන කිහිපයක්ද සොයාගෙන ඇත. මෙම සිදුවීම අනතුරක් නොව විශේෂ අරමුණක් සහිතව සිදුකරන ලද්දක්ද යන්න පිළිබඳව තවමත් පරීක්ෂණ සිදුවෙමින් පවතී. මෙම අසාමාන්‍ය සිදුවීම ජාත්‍යන්තරව අවධානය යොමු කර ඇති අතර, බ්‍රසීලියානු පොලිසිය විසින් මරණයට හේතු වූ සියලු සාධක සහ තරුණියගේ ක්‍රියාකලාපය පිළිබඳව සවිස්තරාත්මක පරීක්ෂණයක් සිදුකරන බව වාර්තා වේ.