ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ජාතික අභිමානය සහ ප්‍රෞඩත්වයේ සංකේත වුවද, මෑතකාලීනව අලි-මිනිස් ගැටුම් හේතුවෙන් අලි සංඛ්‍යාව බරපතළ ලෙස අඩුවී ඇත. මෙරට වනාන්තර ආශ්‍රිතව වාසය කළ තේජාන්විත ඇතුන්ගෙන් එක් අයකු වන කාවන්තිස්ස, 2012 දී හඳුනා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ විශාලතම හස්තියා ලෙස ප්‍රසිද්ධ විය. ඔහුගේ පැමිණීම සියඹලන්ගමුවේ හස්තියාගේ මරණයත් සමඟ සිදුවිය. කෙසේවෙතත්, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කලාවැව, බල්ලුවැව, ගල්ගමුව, තබ්බෝව සහ විල්පත්තුව වැනි ප්‍රදේශ ඔහුගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග වලින් අහිමි වී ඇත. එමෙන්ම, පාලුකඩවල, මහගල්ගමුව සහ ඉගිනිමිටිය වැනි වැව් රක්ෂිත වගාවන් සඳහා භාවිතා කිරීම නිසා ඔහුගේ වාසභූමි ප්‍රදේශ ද අඩපණ වී ඇත. දැනට කාවන්තිස්ස ගල්ගමුව සහ අඹන්පොළ ප්‍රදේශ ආශ්‍රිතව සංචාරය කරන අතර, මෑතකදී එම ප්‍රදේශවල භාතිය සහ අස්ථික කියන්නාවු ඇතුන් දෙදෙනා ඝාතනය වී ඇත. වඩාත් කණස