1955 වර්ෂයේ මිස් සිලෝන් කිරුළ දිනාගත්තත්, එම වසරේම විශ්ව රූ රැජින තරඟයේ තුන්වන ස්ථානය හිමිකරගත් මොරීන් හින්ගර්ට් මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. 1937 ජනවාරි 9 වන දින කොළඹදී උපත ලැබූ ඇය, මියයන විට වයස අවුරුදු 88ක් විය. ඇය ජීවත් වූයේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නගරයේය. වෘත්තීයමය වශයෙන් ඇය නිළියක්, නර්තන ශිල්පිනියක් සහ නිරූපිකාවක් ලෙස කටයුතු කළා. විශ්ව රූ රැජින තරඟයේදී ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ තානාපතිවරියක ලෙස ද කටයුතු කළා. මෙම තරඟයේ ස්ථානයක් දිනාගත් ශ්‍රී ලංකාවේ පළමු හා එකම තරඟකාරිය ඇයයි. හින්ගර්ට් දක්ෂ නර්තන ශිල්පිනියක් වූ අතර, ලොස් ඇන්ජලීස්හි ෂ්‍රයින් ශ්‍රවණාගාරය ඇතුළු විවිධ ස්ථානවල ඒක පුද්ගල නර්තන ප්‍රදර්ශන ඉදිරිපත් කළා. ඇය යුනිවර්සල් ඉන්ටර්නැෂනල් ස්ටූඩියෝ සහ 20th සෙන්චරි ෆොක්ස් වැනි ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදන සමාගම් විසින් රංගනය සඳහා බඳවා ගන්නා ලද්දකී. ඇය *The King and I*, *Fort Bowie*, *Gun Fever*, *The Adventures of Hiram Holiday*, *Moroccan Halk Moth*, *Pillars of the Sky*, *Dangerous Search*, *Gunmen from Laredo*, *The Rawhide Trail* සහ *Captain David Grief* වැනි බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලා සහ චිත්‍රපටවල රංගනයෙන් දායක වූවා. මොරීන් හින්ගර්ට් ජාත්‍යන්තර අවධානයට පත් වූයේ ඇගේ සුන්දරත්වය, හැකියාවන් සහ දක්ෂතා නිසාය. ඇය ශ්‍රී ලංකාවේ නාමය ගෞරවාන්විතව ඉස්මතු කළ කීර්තිමත් කාන්තාවක් ලෙස ඉතිහාසයේ සටහන් වී ඇත.