EntertainmentJun 14, 2025, 08:01 AM

The Voice Sri Lanka Season 03 කිරුළ කාටද? තීරණය අද රාත්‍රියේ...

The Voice Sri Lanka Season 03 කිරුළ කාටද? තීරණය අද රාත්‍රියේ...

**The Voice Sri Lanka Season 03** තරගාවලිය මාස අටකට ආසන්න කාලයක් පැවති අතර, එහිදී ශ්‍රී ලංකාවේ දක්ෂ ගායක ගායිකාවන්ගේ හැකියාවන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන ලදී. අවසන් මහා රාත්‍රිය සඳහා සුදුසුකම් ලැබූ සිව් තරුණ තරුණියන් සංගීතවේදීන් වන සුපුන් පෙරේරා, හිරුෂි ජයසේන, රයිනි චාරුකා සහ මිහිඳු ආරියරත්නගේ මගපෙන්වීම යටතේ පුහුණු විය. Blind Auditions, The Battles, The Knockouts, The Super Knockouts සහ Live Shows වැනි ජාත්‍යන්තර ප්‍රමිතිගත තරග වට ගණනාවකින් තෝරා ගන්නා ලද අවසන් සිව් දක්ෂයින් ජනතා ඡන්දය මත අවසන් තරගයට සුදුසුකම් ලැබූහ. **The Biggest Show in Sri Lanka** ලෙස හැඳින්වෙන මෙම තරගාවලියේ අවසන් මහා රාත්‍රියේදී, කෝච් රයිනි චාරුකාව නියෝජනය කරනු ලබන්නේ අයිසැක් ටිමති විසිනි. කෝච් සුපුන් පෙරේරාගේ කණ්ඩායම නියෝජනය කරන්නේ ඉමේෂ් සංදීප විසින් වන අතර, කෝච් මිහිඳු ආරියරත්නගේ කණ්ඩායම නියෝජනය කරන්නේ රසිඳු මිහිසර විසිනි. කෝච් හිරුෂි ජයසේනගේ කණ්ඩායම නියෝජනය කරන්නේ ලිසාරා ප්‍රනාන්දු විසිනි. මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ වරලත් වැඩසටහන් ඉතිහාසයේ පෙර කිසිදු අවස්ථාවක නොදක්නට ලැබුණු තාක්ෂණික ප්‍රයෝග සහිත ජාත්‍යන්තර සජීවී ප්‍රසංගයක් ලෙස සැලකේ. රත්මලාන ස්ටයින් මැදිරී සංකීර්ණයේදී මෙම විශිෂ්ට අත්දැකීම ජනතාවට ලබා දීම සඳහා කාර්ය මණ්ඩලය සූදානම්ව සිටී.

News Sources

News First