ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර් ආට්ස් ඇන්ඩ් සයන්සස් (AMPAS) විසින් සංවිධානය කරන ලද 97වන Oscars Academy Awards සම්මාන උළෙල මෙම වසරේ මාර්තු 02වන දින ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් ඩොල්බි රඟහලේදී පැවැත්විණි. මෙම උත්සවයේදී 2024 වර්ෂයේ නිකුත් වූ චිත්‍රපට සඳහා කාණ්ඩ 23ක් යටතේ සම්මාන ප්‍රදානය කෙරිණි. හොඳම නළුවාගේ සම්මානය Adrien Brody විසින් 'The Brutalist' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දිනා ගන්නා ලදී. මෙය ඔහුගේ දෙවැනි ඔස්කාර් සම්මානය වන අතර, ඔහු මීට පෙර 'The Pianist' චිත්‍රපටය සඳහා හොඳම නළුවාට හිමි සම්මානය දිනාගෙන තිබිණි. හොඳම නිළියගේ සම්මානය Mikey Madison විසින් 'Anora' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දිනා ගන්නා ලදී. ඇය පසුගිය වර්ෂයේ කෑන්ස් චිත්‍රපට උළෙලේ 'පාම් ඩි'ඕර්' සම්මානය සහ මෙම වසරේ BAFTA හා Spirit සම්මාන දිනාගත්තාය. හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ෂෝන් බේකර් අධ්‍යක්ෂණය කළ 'Anora' චිත්‍රපටයට හිමි විය. මෙම චිත්‍රපටය රුසියානු කතිපයාධිකාරීවරයෙකුගේ පුත්‍රයා සමඟ විවාහ වන බෘක්ලින් නර්තන ශිල්පිනියකගේ කථා පුවත ගෙනහැර දක්වයි. හොඳම සහාය නළුවාගේ සම්මානය Kieran Culkin විසින් 'A Real Pain' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දිනා ගන්නා ලදී. මෙය ඔහුගේ පළමු ඔස්කාර් සම්මානය විය. හොඳම සහාය නිළියගේ සම්මානය Zoe Saldana විසින් 'Emilia Perez' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දිනා ගන්නා ලදී. මෙම සංගීතමය ත්‍රාසජනක චිත්‍රපටය Netflix හි ඔක්තෝබර් 25 වන දින නිකුත් කරන ලදී. තවද, හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස ෂෝන් බේකර් සම්මානය දිනා ගත්තේ 'Anora' චිත්‍රපටය සඳහා වන අතර, හොඳම තිර රචනය හා සංස්කරණය සඳහා ඇනෝරා චිත්‍රපටයට සම්මාන දෙකක් හිමි විය. මෙම උත්සවය ලොස් ඇන්ජලීස්හි පැවැත්වුණු අතර, ලෝකය පුරා චිත්‍රපට කලාවේ විශිෂ්ටතමයන් ගෞරවනීය කිරීම සඳහා සම්මාන ප්‍රදානය කෙරිණි.