97වන ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වෙමින් පවතින අතර, එහිදී 2025 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි ඇකඩමි සම්මානය Kieran Culkin විසින් දිනා ගන්නා ලදී. 'A Real Pain' චිත්‍රපටයේ ඔහුගේ විශිෂ්ට රංගනය හේතුවෙන් මෙම සම්මානය ඔහුට හිමි විය. මෙය Kieran Culkinගේ පළමු ඔස්කාර් සම්මානය ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ පිළිගැනීමේ කතාවේදී, Culkin තම සහ නළු ජෙරම් ස්ට්‍රෝංට ප්‍රශංසා කළ අතර, තම බිරිඳ ජෑස් චාර්ටන්ට ස්තූති පැවසීය. එමෙන්ම, හොඳම සහාය නිළියට හිමි ඇකඩමි සම්මානය Zoe Saldana විසින් දිනා ගන්නා ලදී. ඇය 'Emilia Perez' නම් සංගීතමය ත්‍රාසජනක චිත්‍රපටයේ Rita Mora Castro චරිතය රඟපෑම වෙනුවෙන් මෙම සම්මානය ලබා ගත්තාය. මෙම ස්පාඤ්ඤ චිත්‍රපටය 2024 ඔක්තෝබර් 25 වන දින Netflix හි නිකුත් විය. තවද, හොඳම තිර රචනය සහ සංස්කරණය සඳහා හිමි සම්මාන දෙක 'ඇනෝරා' චිත්‍රපටයට පිරිනැමිණි. මෙම උළෙල ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වෙමින් ඇති අතර, ලෝකයේ විවිධ චිත්‍රපට කලාවන්ගේ විශිෂ්ටතමයන් එක් රැස් කරමින් සිනමා ක්ෂේත්‍රයේ වැදගත්ම සම්මාන උළෙලක් ලෙස පවතී.