ලබුබු බෝනික්කෙක් අමෙරිකානු ඩොලර් ලක්ෂ එකහමාරකට (ඇ.ඩො. 150,000) අලෙවි වීමේ පුවත විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මිනිස් සිරුරේ ප්‍රමාණයට සමාන විශාල ලබුබු බෝනික්කා චීනයේ බීජිං නුවර පැවති යොන්ග්ලේ ජාත්‍යන්තර වෙන්දේසි සමාගමේ වෙන්දේසියකදී මෙම විශාල මුදලට අලෙවි විය. මෙය ලබුබු බෝනික්කෙක් සඳහා ලැබූ ඉහළම මිලකි. ලබුබු බෝනික්කන් ලොව පුරා ජනප්‍රිය වී ඇත්තේ ඒවායේ අපූරු හැඩය හා සුවිශේෂී රූපරාමු නිසාය. මෙම ජනප්‍රියතාවය වැඩි වශයෙන් තීව්‍ර වූයේ ලෝකප්‍රකට ගායිකා කණ්ඩායමක් වන බ්ලැක්පින්ක් හි සාමාජිකාවක වන ලීසා විසින් මෙම බෝනික්කන් ප්‍රචාරය කිරීමෙන් පසුවය. මෙම වෙන්දේසිය පැවැත්වුණේ පැය 48ක කාලයක් තුළ වන අතර, එහිදී 200කට අධික පිරිසක් සෘජුව ලංසු තැබූ අතර, දහස් ගණනක් අන්තර්ජාලය හරහා සහභාගී විය. ලබුබු බෝනික්කන් මුලින්ම නිර්මාණය කරන ලද්දේ හොංකොං කලාකරු කේසිං ලන්ග් විසිනි. කාලයත් සමඟ මෙම බෝනික්කන් ලොව පුරා කලාකරුවන් අතර ජනප්‍රිය වූ අතර, ඉහළ ඉල්ලුම නිසා ඒවායේ මිලද ඉහළ ගියේය. මෙම විශේෂ ලබුබු බෝනික්කා විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කර නොමැති බැවින්, ඒවායේ විරලතාවය හා සුවිශේෂීත්වය මිල ඉහළ යාමට හේතු වී ඇත. මෙම අලෙවිය ලබුබු බෝනික්කන් පිළිබඳ ජාත්‍යන්තර ආර්ථික වටිනාකම හා කලා සංස්කෘතික වටිනාකම පිළිබඳව නව මානයක් ගෙන ආ බවට සාක්ෂි දරයි.