මහජන උපයෝගිතා කොමිසම විසින් පවත්වනු ලබන විශේෂ විභාගයක් 2023 නොවැම්බර් මස 05 වැනි දින (අද) පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මෙම විභාගය පවත්වනු ලබන්නේ මීට පෙර සිදුවූ විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් සමාජ ආර්ථික බලපෑම්, පාරිභෝගික පාඩු සහ අනාගතයේදී එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා නිර්දේශ සකස් කිරීම උදෙසාය. විදුලි බිඳවැටීම් හේතුවෙන් සම්ප්‍රේෂණ බලපත්‍රලාභියාට ගිගාවොට් පැය 5.5 ක බලශක්ති ඉල්ලුමක් සැපයීමට නොහැකි වූ අතර, පසුව සිදුකළ විදුලි කප්පාදු හේතුවෙන් ගිගාවොට් පැය 4.6 ක බලශක්ති අඩුපාඩුවක්ද ඇති විය. මෙම අඩුපාඩු බෙදාහැරීමේ බලපත්‍රලාභීන්ට සහ පාරිභෝගිකයින්ට බරපතල ලෙස බලපා ඇති අතර, ජනතාවගේ ජීවිතයට, ව්‍යාපාර කටයුතුවලට සහ රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කර ඇත. මහජන උපයෝගිතා කොමිසම මගින් මෙම විභාගය තුළින් අදාළ සියලු පැතිකඩ පරීක්ෂා කර, විදුලි බිඳවැටීම් වලට හේතු වූ ගැටළු හඳුනාගෙන, අනාගතයේදී එවැනි අවස්ථා නැවත නොසිදුවන ආකාරයට නිර්දේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර ඇත. මීට අමතරව, වැඩිදුර තොරතුරු සඳහා 077-2943193 අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකිය.