businessAug 4, 2025, 12:00 AM

FishiFox වෙතින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අත්වැලක්

FishiFox වෙතින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අත්වැලක්

මිනිස්බල සහ රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ඩිජිටල් අලෙවි කළමනාකරණය පිළිබඳ දෙදින පුහුණු වැඩසටහනක් පසුගිය දිනවල ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම වැඩසටහන මෙහෙයවූයේ FishiFox පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂක තුෂාර සේනාරත්න මහතා විසිනි. ඇහැලියගොඩ සහ කුරුවිට ප්‍රදේශවල සිටින කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර ආරම්භ කරන තරුණ තරුණියන් සහ ව්‍යාපාර ආරම්භ කිරීමට අදහස් කරන අය රැසක් මෙම පුහුණු වැඩසටහනට සහභාගී විය. මෙම වැඩමුළුව තුළ ඩිජිටල් අලෙවිකරණයේ විවිධ අංශ පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා දෙන ලදී. ව්‍යාපාර නාමයන් සකස් කිරීම, ව්‍යාපාර ගොඩනැගීමේ ක්‍රම, ගැටලු විසඳීම, වෙළඳ දැන්වීම් සකස් කිරීම, Logo නිර්මාණය, AI තාක්ෂණය භාවිතයෙන් ව්‍යාපාරික නිර්මාණ සෑදීම, අන්තර්ජාලය හරහා ව්‍යාපාර ප්‍රචාරණය කිරීම, අන්තර්ජාල ගැනුම්කරුවන් සොයා ගැනීම, භාණ්ඩ හා සේවාවන් ඵලදායී ලෙස වෙළඳපොලට හඳුන්වාදීම වැනි වැදගත් කරුණු ආවරණය විය. මෙම පුහුණු වැඩසටහන තරුණ ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර ඩිජිටල් ලෝකයට හඳුන්වාදීම සඳහා අත්‍යවශ්‍ය කුසලතා සහ දැනුම ලබා දීම අරමුණු කරගත් බව පැහැදිලිය. මෙම වැඩසටහන තරුණ පරපුරට නවීන තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ව්‍යාපාරික අවස්ථා උපයා ගැනීමට උපකාරී වන ආකාරයට සකස් කර තිබුණා. එමෙන්ම, සහභාගිකරුවන්ට තම ව්‍යාපාර අන්තර්ජාලය හරහා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබා දුන්නා. මෙම පුහුණු වැඩසටහන ආයතනික හා පුද්ගලික අංශයන් අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීමේ අරමුණකින් යුතුව සංවිධානය වූ බවත් පැහැදිලිය.

News Sources

Colombo Times