විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය මාස හයක කාලය තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බව ප්‍රකාශ කර තිබිණි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අද (04) පැහැදිළි කිරීමක් සිදු කළේය. ඔහු පෙන්වා දුන්නේ මහ බැංකු වාර්තාවට අනුව ජූනි මාසය අවසාන වන විට සංචාරක පැමිණීමෙන් ලැබූ ආදායම ඩොලර් බිලියන 1.7ක් ලෙස පමණක් සඳහන් වන බවයි. ජූලි මාසයේ දත්ත මෙම වාර්තාවට ඇතුළත් නොවූ බවත්, ජූලි මාසයේදී එතරම් ඉහළ ආදායමක් ලැබෙනු ඇතැයි ඔහු නොසිතන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මෙම විවාදය ඇතිවී ඇත්තේ සංචාරක ආදායම පිළිබඳ අඩවි දෙකකින් වාර්තා වන දත්ත අතර වෙනසක් පැවතීම හේතුවෙනි. මෙම තත්ත්වය සංචාරක ක්ෂේත්‍රයේ දත්ත සම්පාදනය හා වාර්තාකරණ ක්‍රමවේද පිළිබඳව වැඩිදුර පරීක්ෂාවක් අවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.